2645 - (م) عَنْ كَعْبِ بْنِ مَالِكٍ قَالَ: كَانَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم يَأْكُلُ بِثَلاَثِ أَصَابِعَ، وَيَلْعَقُ يَدَهُ قَبْلَ أَنْ يَمْسَحَهَا.
ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ ඇගිලි හා ආහාර තැටිය පිසදා අනුභව කරන මෙන් නියෝග කොට, නියත වශයෙන්ම බරකත් හෙවත් අභිවෘද්ධිය ඇත්තේ කවර දෙයක දැයි ඔබ නොදන්නෙහුය යැයි පවසා සිටියහ.“ තවත් වාර්තාවක, “ඔබ අතුරින් කිසිවකුගේ ආහාර කැබැල්ලක් බිම වැටුනු විට, එය අහුලා එහි තැවරී ඇති හානිදායක දෑ ඉවත් කොට එය අනුභව කරත්වා! එය ෂෙය්තාන් වෙනුවෙන් අතහැර නොදමනු. තම ඇගිලි උරණ තෙක් තම අත අත්පිසනයෙන් පිස නොදමනු. හේතුව ඔහුගේ ආහාරයේ කවර අංශයක අභිවෘද්ධිය ඇත්තේ දැයි ඔහු නොදන්නා බැවිනි.“ තවත් වාර්තාවක, “ඔබ අතුරින් කෙනෙකු වෙත තම සෑම කටයුත්තකදීම සැබැවින්ම ෂෙය්තාන් සම්මුඛ වන්නේය. ඔහු ආහාර ගන්නා අවස්ථාවේ දී පවා ඔහු වෙතට සම්මුඛ වන්නේය. ඔබ අතුරින් කිසිවකුගේ ආහාර කැබැල්ලක් බිම වැටුනේ නම් එහි ඇති අහිතකර දෑ පිසදමා එය අනුභව කරත්වා! එය ෂෙයිතාන් වෙනුවෙන් අතහැර නොමනු.“
[م2032]