الكتاب السادس: البرُّ والصلة بين أَفراد الأسرة

قال تعالى: {وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُوا إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً *}. [الإسراء:23] وقال تعالى: {وَوَصَّيْنَا الإِنْسَانَ بِوَالِدَيْهِ حُسْناً *}. [العنكبوت:8]

2616 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: جاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صلّى الله عليه وسلّم فَقَالَ: يَا رَسُولَ اللهِ، مَنْ أَحَقُّ النَّاسِ بِحُسْنِ صَحَابَتِي؟ قَال: (أُمُّكَ) . قالَ: ثُمَّ مَنْ؟ قالَ: (ثُمَّ أُمُّكَ) . قالَ: ثُمَّ مَنْ؟ قالَ: (ثُمَّ أُمُّكَ) . قالَ: ثُمَّ مَنْ؟ قالَ: (ثُمَّ أَبُوكَ) .

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් වෙත මිනිසෙකු පැමිණ, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර මා ඉතා යහපත් අයුරින් මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද?“ යැයි විමසීය. එතුමා: “ඔබේ මවට“ යැයි පැවසූහ. ඔහු: “පසුව කාහටදැ“යි විමසීය. එතුමා: “ඔබේ මවට“ යැයි පැවසූහ. “පසුව කාහටදැ“යි විමසීය. එතුමා “ඔබේ මවට“ යැයි පැවසූහ. ඔහු “පසුව කාහටදැයි“ විමසීය. “ඔබේ පියාට.“ බුහාරි හා මුස්ලිම් මෙය වාර්තා කොට ඇත. තවත් වාර්තාවක, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද?“ “ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව ඔබේ සමීප ඥාතීන්ට, ඔබේ ඥාතීන්ට“ යැයි පැවසූහ.

2617 - (ق) عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو رضي الله عنهما قالَ: جاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صلّى الله عليه وسلّم فَاسْتَأْذَنَهُ في الْجِهَادِ، فَقَالَ: (أَحَيٌّ وَالِدَاكَ) ؟ قالَ: نَعَمْ، قالَ: (فَفِيهِمَا فَجَاهِدْ) .

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙකු අල්ලාහ්ගේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියට පැමිණ හිජ්රත් හෙවත් නික්ම යෑම හා ජිහාද් හෙවත් දිවි හිමියෙන් කටයුතු කිරීම සඳහා මම ඔබට ප්රතිඥා දී උත්තරීතර අල්ලාහ්ගෙන් කුසල් බලා පොරොත්තු වෙමි යැයි පවසා සිටියේය. එතුමාණෝ: (ඔබේ දෙමව්පියන්ගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර සිටින්නේ දැයි විමසා සිටියේය.) ඔහු: (එසේය, දෙදෙනාම සිටිති) යැයි පැවසීය. එතුමාණෝ: (එසේනම්, ඔබ උත්තරීතර අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නෙහි ද?) යැයි විමසූහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: (එසේනම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙපොළ සමඟ සුහදව කටයුතු කරනු.) ඔවුන් දෙදෙනා සතු තවත් වාර්තාවක: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි හිමියෙන් කටයුතු කරන්නට අවරස පැතීය. එවිට එතුමාණෝ: (ඔබේ දෙමව්පියන් ජීවතුන් අතර සිටිත්ද?) යැයි විමසා සිටියේය. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: (ඔවුන් දෙදෙනා අතර සිට ඔබ දිවි හිමියෙන් කටයුතු කරන්නැ)යි පවසා සිටියහ.

2618 - (م) عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (رَغِمَ [1] أَنْفُهُ، ثُمَّ رَغِمَ أَنْفُهُ، ثُمَّ رَغِمَ أَنْفُهُ) قِيَلَ: مَنْ يَا رَسُولَ اللهِ؟ قَالَ: (مَنْ أَدْرَكَ وَالِدَيْهِ عِنْدَ الْكِبَرِ، أَحَدَهُمَا أَوْ كِلَيْهِمَا، ثُمَّ لَمْ يَدْخُلِ الْجَنَّةَ) .

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “පස් ගෑවුණු නාසයේ තරම! පස් ගෑවුණු නාසයේ තරම! පස් ගෑවුණු නාසයේ තරම! කිසිවකු ළඟ තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ හිඳ ඔහු ස්වර්ගයට නොපිවිසෙන්නේ නම් (කෙතරම් අවමානයක් ද?)”

[م2551]

Similar Hadiths (Atraaf)

[وانظر: 1808] .

2621 - (ق) عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (إِنَّ مِنْ أَكْبَرِ الْكَبَائِرِ: أَنْ يَلْعَنَ الرَّجُلُ وَالِدَيْهِ) ، قِيلَ: يَا رَسُولَ الله، وَكَيْفَ يَلْعَنُ الرَّجُلُ وَالِدَيْهِ؟ قَالَ: (يَسُبُّ الرَّجُلُ أَبَا الرَّجُلِ؛ فَيَسُبُّ أَبَاهُ، وَيَسُبُّ أُمَّهُ؛ فَيَسُبُّ أُمَّهُ) .

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.

2622 - (م) عَنِ ابْنِ عُمَرَ: أَنَّهُ كَانَ إِذَا خَرَجَ إِلَى مَكَّةَ كَانَ لَهُ حِمَارٌ يَتَرَوَّحُ عَلَيْهِ [1] ، إِذَا مَلَّ رُكُوبَ الرَّاحِلَةِ، وَعِمَامَةٌ يَشُدُّ بِهَا رَأْسَهُ. فَبَيْنَا هُوَ يَوْماً عَلَى ذلِكَ الْحِمَارِ، إِذْ مَرَّ بِهِ أَعْرَابِيٌّ، فَقَالَ: أَلَسْتَ ابْنَ فُلاَنِ بْنِ فُلاَنٍ؟ قَالَ: بَلَى، فَأَعْطَاهُ الْحِمَارَ وَقَالَ: ارْكَبْ هذَا، وَالْعَمَامَةَ، قَالَ: اشْدُدْ بِهَا رَأْسَكَ. فَقَالَ لَهُ بَعْضُ أَصْحَابِهِ: غَفَرَ الله لَكَ! أَعْطَيْتَ هذَا الأَعْرَابِيَّ حِمَاراً كُنْتَ تَرَوَّحُ عَلَيْهِ، وَعِمَامَةً كُنْتَ تَشُدُّ بِهَا رَأْسَكَ! فَقَالَ: إِنِّي سَمِعْتُ رَسُولَ الله صلّى الله عليه وسلّم يَقُولُ: (إِنَّ مِنْ أبَرِّ الْبِرِّ صِلَةَ الرَّجُلِ أَهْلَ وِدِّ أَبِيهِ، بَعْدَ أَنْ يُوَلِّيَ) ، وَإِنَّ أَبَاهُ كَانَ صَدِيقاً لِعُمَرَ.

2627 - (م) عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (مَنْ عَالَ جَارِيَتَيْنِ حَتَّى تَبْلُغَا، جَاءَ يَوْمَ الْقِيَامَةِ أَنَا وَهُوَ) وَضَمَّ أَصَابِعَهُ.

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු හදාවඩා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මේ දෙක මෙන් එනු ඇත. යැයි පවසා එතුමාගේ ඇගිළි දෙක ළං කළහ.

2629 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (إِنَّ اللهَ خَلَقَ الخَلْقَ، حَتَّى إِذَا فَرَغَ مِنْ خَلْقِهِ، قَالَتِ الرَّحِمُ: هذَا مَقَامُ الْعَائِذِ بِكَ مِنَ الْقَطِيعَةِ، قَالَ: نَعَمْ، أَمَا تَرْضِينَ بأنْ أَصِل مَنْ وَصَلَكِ، وَأَقْطَعَ مَنْ قَطَعَكِ؟ قَالَتْ: بَلَى، يَا رَبِّ! قَالَ: فَهُوَ لَكِ) . قَالَ رَسُولُ الله صلّى الله عليه وسلّم: (فَاقْرَؤُوا إِنْ شِئْتُمْ: {فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ *} [محمد] ) .

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් මැවීම් මැව්වේය. එය නිමා කළ කල්හි, ලේ ඥාතීත්වය නැගී සිට මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් අල්ලාහ් ගත්තේය. එවිට ඔහු: “කුමක් සිදුවී ද?”යැයි එයින් විමසීය. එය: “සම්බන්ධකම් බිඳ දැමීමෙන් ඔබෙන් ආරක්ෂාව පතන ස්ථානයයි මෙය” යැයි පැවසීය. ඔහු: “නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?”යැයි විමසීය. එය: එසේය, මාගේ පරමාධිපතියාණනි! එසේ විය යුත්තකි.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තවදුරටත් නුඹලා කැමතිනම් “නුඹලාට පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?” යන පාඨය කියවනු. බුහාරි හි සඳහන් තවත් වාර්තාවක උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත. “කවරෙකු ඔබ සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද මම ද ඔහු සමග සම්බන්ධකම් පවත්වමි. කවරෙකු ඔබව කපා හැරියේ ද මම ද ඔහුව කපා හරිමි.”

[خ5987 (4830)/ م2554]