الكتاب الثالث: الطب والرؤيا

2849 - (ق) عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ، وَعَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (مَا يُصِيبُ المُسْلِمَ مِنْ نَصَبٍ [1] ، وَلاَ وَصَبٍ [2] ، وَلاَ هَمٍّ، وَلاَ حَزَنٍ، وَلاَ أَذًى، وَلاَ غَمٍّ، حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا؛ إِلاَّ كَفَّرَ اللهُ بِهَا مِنْ خَطَايَاهُ) .

අබූ සඊද් තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුස්ලිම්වරයකුට යම් ලෙඩක්, වෙහෙසක්, දුකක්, තැවුලක්, වේදනාවක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කටුවක් ඇනීමෙන් වුව ද, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු මිස නැත.”

2853 - (خ) عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (إِذَا مَرِضَ الْعَبْدُ، أَوْ سَافَرَ، كُتِبَ لَهُ مِثْلُ ما كَانَ يَعْمَلُ مُقِيماً صَحيحاً) .

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තෙකු රෝගාතුර වූ විටක හෝ ගමනක යෙදුනු විටක ඔහු ආරෝග්යමත් පදිංචි කරුවෙකු ලෙස සිට ක්රියා කරන දෑ හා සමාන දැයක් ඔහුට ලියනු ලැබේ.”

2856 - (ق) عَنْ عَائِشَةَ رضي الله عنها: أَنَّ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم كَانَ إِذَا أَتَى مَرِيضاً أَوْ أُتِيَ بِهِ، قالَ: (أَذْهَبِ الْبَاسَ رَبَّ النَّاسِ، اشْفِ وَأَنْتَ الشَّافِي، لاَ شِفَاءَ إِلاَّ شِفَاؤُكَ، شِفَاءً لاَ يُغَادِرُ سَقَماً) .

ආඉෂා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් තම පවුලේ ඇතැමුන්ගේ සුවදුක් විමසමින් තම දකුණතින් පිරිමැද මෙසේ පවසන්නෙක් වූහ. ((අහෝ මිනිසුන්ගේ හිිමිපාණන් වූ අල්ලාහ්, දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවයෙන් අත්හැර නොදමන සුවයකි.))

2857 - (خ) عَنْ أَنَسٍ رضي الله عنه قَالَ: كانَ غُلاَمٌ يَهُودِيٌّ يَخْدُمُ النَّبِيَّ صلّى الله عليه وسلّم فَمَرِضَ، فَأَتَاهُ النَّبِيُّ صلّى الله عليه وسلّم يَعُودُهُ، فَقَعَدَ عِنْدَ رَأْسِهِ، فَقَالَ لَهُ: (أَسْلِمْ) ، فَنَظَرَ إِلَى أَبِيهِ وَهُوَ عِنْدَهُ، فَقَالَ لَهُ: أَطِعْ أَبَا الْقَاسِمِ صلّى الله عليه وسلّم فَأَسْلَمَ، فَخَرَجَ النَّبِيُّ صلّى الله عليه وسلّم وَهُوَ يَقُولُ: (الحَمْدُ للهِ الَّذِي أَنْقَذَهُ مِنَ النَّارِ) .

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සේවය කළ යුදෙව් කොලුවෙක් විය. ඔහු රෝගාතුර විය. එවිට එතුමා ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඔහු වෙත පැමිණියහ. ඔහුගේ හිස ළඟින් වාඩි වී ‘ඔබ ඉස්ලාමය වැළඳ ගනු‘ යැයි පවසා සිටියහ. එවිට තම අබියස සිටි ඔහුගේ පියා දෙස ඔහු බැලුවේය. එවිට ඔහු(පියා) ඔබ අබුල් කාසිම්ට අවනත වන්නැයි පවසා සිටියේය. පසුව හෙතෙම ඉස්ලාමය වැළඳ ගත්තේය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නිරයේ ගින්නෙන් ඔහු මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි පවසමින් පිටත්ව ගියහ.“

2858 - (م) عَنْ ثَوْبَانَ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (إِنَّ الْمُسْلِمَ إِذَا عَادَ أَخَاهُ الْمُسْلِمَ، لَمْ يَزَلْ فِي خُرْفَةِ الْجَنَّةِ حَتَّى يَرْجِعَ) .

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම මුස්ලිම්වරයා තම සහෝදර මුස්ලිම්වරයාගේ සුවදුක් විමසන විට ඔහු නැවත හැරී එන තෙක් ස්වර්ගයේ කුර්ෆාහි (ඵල නෙළීමෙහි) අඛණ්ඩව සිටිනු ඇත. (එවිට) අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ස්වර්ගයේ කුර්ෆා යනු කුමක්දැ?යි විමසන ලදී. එතුමා එහි නෙළීමය යැයි පැවසූහ.

2859 - عَنِ ابْنِ عَبَّاسٍ، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم قَالَ: (مَنْ عَادَ مَرِيضاً لَمْ يَحْضُرْ أَجَلُهُ، فَقَالَ عِنْدَهُ سَبْعَ مِرَارٍ: أَسْأَلُ اللهَ الْعَظِيمَ، رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ؛ إِلاَّ عَافَاهُ اللهُ مِنْ ذَلِكَ الْمَرَضِ) .

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත.))

[د3106/ ت2083]

* صحيح.

2861 - (م) عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (لاَ يَتَمَنَّى أَحَدُكُمُ الْمَوْتَ، وَلاَ يَدْعُ بِهِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُ، إِنَّهُ إِذَا مَاتَ أَحَدُكُمُ انْقَطَعَ عَمَلُهُ، وَإِنَّهُ لاَ يَزِيدُ الْمُؤْمِنَ عُمْرُهُ إِلاَّ خَيْراً) .

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ කිසිවකු මරණය ප්රිය නොකළ යුතුය. දැහැමියෙකු නම් අධික කර ගන්නට පුළුවන, නපුරෙකු නම් පාප ක්ෂමා අයැද සිටින්නට පුළුවන.“ මෙම පද පෙළ ඉමාම් බුහාරි තුමාගේය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කොට අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- විසින් වාර්තා කළ මුස්ලිම් හි සඳහන් වාර්තාවක, “ඔබ කිසිවකු මරණය ප්රිය නොකළ යුතුය. එය පැමිණීමට පෙර එය පැතිය නොයුතුය. නියත වශයෙන්ම ඔහු මරණයට පත්වූ විට ඔහුගේ ක්රියාකාරකම් විසන්ධි වී යනු ඇත. තවද නියත වශයෙන්ම මුඃමින්වරයාගේ ආයුෂ යහපතට මිස අධික නොවන්නේය.“