الكِتَابُ الثّالِث: التفسير

566 - (خ) عَنْ أَبِي سَعِيدِ بْنِ المُعَلَّى قَالَ: كُنْتُ أُصَلِّي في المَسْجِدِ، فَدَعانِي رَسُولُ اللهِ صلّى الله عليه وسلّم فَلَمْ أُجِبْهُ، فَقُلْتُ: يَا رَسُولَ اللهِ! إِنِّي كُنْتُ أُصَلِّي، فَقَالَ: (أَلَمْ يَقُلِ اللهُ: {اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ} [الأنفال:24] ) ، ثمَّ قَالَ لِي: (لأُعَلِّمَنَّكَ سُورَةً هِيَ أَعْظَمُ السُّوَرِ في القُرْآنِ، قَبْلَ أَنْ تَخْرُجَ مِنَ المَسْجِدِ) . ثمَّ أَخَذَ بِيَدِي، فَلَمَّا أَرَادَ أَنْ يَخْرُجَ، قُلْتُ لَهُ: أَلَمْ تَقُلْ: (لأُعَلِّمَنَّكَ سُورَةً هِيَ أَعْظَمُ سُورَةٍ فِي القُرْآنِ) ، قَالَ: ({...الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ *} [الفاتحة] : هِيَ السَّبْعُ المَثَانِي، وَالقُرْآنُ الْعَظِيمُ الَّذِي أُوتِيتُهُ) .

අබූ සඊද් රාෆිඃ ඉබ්නු අල් මුඃලී-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මට මෙසේ පවසා සිටියහ. “ඔබ මස්ජිදයෙන් පිටව යන්නට මත්තෙන් අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවෙම්ද?“ පසුව මාගේ අත අල්ලා ගත්තේය. අපි පිටව යන්නට සිතූ කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අල් කුර්ආනයේ ඇති අති මහත් සූරාව සැබැවින්ම මම ඔබට කියා දෙන්නදැ?යි ඔබ පැවසුවෙහිය“ යැයි ඇසුවෙමි. එතුමා: අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් වේ. එය සබඃ මසානී හෙවත් නැවත නැවතත් කියවෙන වැකි හතකින් සමන්විත වූවකි. එමෙන්ම එය මට පිරිනමනු ලැබූ අති මහත් කුර්ආනය වේ. යැයි පැවසුහ.