المقصد الأول: العقيدة

قال تعالى: {يَاأَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الآخِرِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا *}. [النساء:136]

1 - (ق) عَن ابْنِ عُمَرَ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (بُنِيَ الْإِسْلاَمُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ، وَإِقَامِ الصَّلاَةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَالحَجِّ، وَصَوْمِ رَمَضَانَ) .

2 - عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ: كُنْتُ مَعَ النَّبِيِّ صلّى الله عليه وسلّم فِي سَفَرٍ، فَأَصْبَحْتُ يَوْماً قَرِيباً مِنْهُ وَنَحْنُ نَسِيرُ، فَقُلْتُ: يَا رَسُولَ اللهِ! أَخْبِرْنِي بِعَمَلٍ يُدْخِلُنِي الجَنَّةَ، وَيُبَاعِدُنِي من النَّارِ.
قَالَ: (لَقَدْ سَألْتَنِي عَنْ عَظِيمٍ، وَإِنَّهُ لَيَسِيرٌ عَلَى مَنْ يَسَّرَهُ اللهُ عَلَيْهِ: تَعْبُدُ اللهَ وَلاَ تُشْرِكُ بِهِ شَيْئاً، وَتُقِيمُ الصَّلاَةَ، وَتُؤْتِي الزَّكَاةَ، وَتَصُومُ رَمَضَانَ، وَتَحُجُّ البَيْتَ) .
ثُمَّ قَالَ: (أَلاَ أَدُلُّكَ عَلَى أَبْوَابِ الخَيْرِ: الصَّوْمُ جُنَّةٌ
[1] ، وَالصَّدَقَةُ تُطْفِئُ الخَطِيئَةَ كَمَا يُطْفِئُ المَاءُ النَّارَ، وَصَلاةُ الرَّجُلِ مِنْ جَوْفِ اللَّيْلِ) ، قَالَ: ثُمَّ تَلاَ {تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ}، حَتَّى بَلَغَ: {يَعْمَلُونَ} [السجدة:16، 17] .
ثُمَّ قَالَ: (أَلاَ أُخْبِرُكَ بِرَأْسِ الْأَمْرِ كُلِّهِ وَعَمُودِهِ وَذِرْوَةِ سَنَامِهِ) ؟ قُلْتُ: بَلَى يَا رَسُولَ اللهِ! قَالَ: (رَأْسُ الْأَمْرِ الْإِسْلاَمُ، وَعَمُودُهُ الصَّلاةُ، وَذِرْوَةُ سَنَامِهِ الجِهَادُ) .
ثُمَّ قَالَ: (أَلاَ أُخْبِرُكَ بِمَلاَكِ ذَلِكَ
[2]
كُلِّهِ) ؟ قُلْتُ: بَلَى يَا رسول اللهِ! فَأَخَذَ بِلِسَانِه،ِ قَالَ: (كُفَّ عَلَيْكَ هَذَا) ، فَقُلْتُ: يَا نَبِيَّ اللهِ! وَإِنَّا لَمُؤَاخَذُونَ بِمَا نَتَكَلَّمُ بِهِ؟ فَقَالَ: (ثَكِلَتْكَ [3] أُمُّكَ يَا مُعَاذُ! وَهَلْ يَكُبُّ النَّاسَ فِي النَّارِ عَلَى وُجُوهِهِمْ، أَوْ عَلَى مَنَاخِرِهِمْ؛ إِلاَّ حَصَائِدُ ألسِنَتِهِمْ) .

[ت2616/ جه3973]

* صحيح.

4 - (ق) عن عُمَرَ بْنِ الخَطَّابِ رضي الله عنه قَالَ: سَمِعْتُ النَّبِيَّ صلّى الله عليه وسلّم يَقُولُ: (يَا أَيُّهَا النَّاسُ! إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّةِ [1] ، وَإِنَّمَا لاِمْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ [2] ، فَهِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ، وَمَنْ هَاجَرَ إِلَى دُنْيَا يُصِيبُهَا، أَوْ امْرَأَةٍ يَتَزَوَّجُهَا، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ) .

උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ක්රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත.

5 - (م) عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سَمِعْتُ رَسُولَ الله صلّى الله عليه وسلّم يَقُولُ: (إِنَّ أَوَّلَ النَّاسِ يُقْضَى يَوْمَ الْقِيَامَةِ عَلَيْهِ رَجُلٌ اسْتُشْهِدَ، فَأُتِيَ بِهِ، فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا. قَالَ: فَمَا عَمِلْتَ فِيهَا؟ قَالَ: قَاتَلْتُ فِيكَ حَتَّى اسْتُشْهِدْتُ، قَالَ: كَذَبْتَ! وَلكِنَّكَ قَاتَلْتَ لِأَنْ يُقَالَ جَرِيءٌ؛ فَقَدْ قِيلَ، ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِيَ فِي النَّارِ.
وَرَجُلٌ تَعَلَّمَ الْعِلْمَ وَعَلَّمَهُ وَقَرَأَ الْقُرْآنَ، فَأُتِيَ بِهِ، فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا. قَالَ: فَمَا عَمِلْتَ فِيهَا؟ قَالَ: تَعَلَّمْتُ الْعِلْمَ وَعَلَّمْتُهُ وَقَرَأْتُ فِيكَ الْقُرْآنَ. قَالَ: كَذَبْتَ! وَلكِنَّكَ تَعَلَّمْتَ الْعِلْمَ لَيُقَالَ عَالِمٌ، وَقَرَأْتَ الْقُرْآنَ لِيُقَالَ هُوَ قَارِئٌ؛ فَقَدْ قِيلَ، ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِيَ فِي النَّار.
وَرَجُلٌ وَسَّعَ الله عَلَيْهِ، وَأَعْطَاهُ مِنْ أصْنَافِ الْمَالِ كُلِّهِ، فَأُتِيَ بِهِ، فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا. قَالَ: فَمَا عَملْتَ فِيهَا؟ قَالَ: مَا تَرَكْتُ مِنْ سَبِيلٍ تُحِبُّ أَنْ يُنْفَقَ فِيهَا إِلاَّ أَنْفَقْتُ فِيهَا لَكَ. قَالَ: كَذَبْتَ! وَلكِنَّكَ فَعَلْتَ لِيُقَالَ هُوَ جَوَادٌ؛ فَقَدْ قِيلَ، ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ، ثُمَّ أُلْقِيَ فِي النَّارِ) .

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර මුළින්ම තීන්දු දෙනු ලබනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ මිනිසාටය. ඔහු කැඳවා ගෙන එනු ලැබ, ඔහුට හිමි ආශිර්වාදයන් ඔහුට දන්වා සිටියි. එවිට ඔහු එය හඳුනා ගනී. මෙහි කුමක් සිදු කළෙහිද යැයි විමසයි. එවිට ඔහු: මම දිවි පුදන තෙක් ඔබ වෙනුවෙන් සටන් කළෙමි යැයි පවසයි. ඔහු: ඔබ බොරු කීවේහිය. ඔබ වීරයකු යැයි පවසනු ලබන්නට සටන් කළෙහිය. යැයි පවසයි. පසුව ඔහු සම්බන්ධයෙන් නියෝග කරනු ලැබ, නිරා ගින්නෙහි හෙළනු ලබන තෙක් මුණින් ඇදගෙන යනු ලැබේ. තවත් මිනිසෙකුට තීන්දු දෙනු ලැබේ. ඔහු දැනුම හදාරා එය අන් අයට උගන්වා අල් කුර්ආනය කියවා ඇත. ඔහුව ගෙන එනු ලැබ ඔහු සතු ආශිර්වාදයන් ඔහුට හඳුන්වා දෙයි. එය ඔහු හඳුනා ගනී. මේ සම්බන්ධයෙන් ඔබ කටයුතු කළේ කෙසේද? යැයි විමසයි. මම දැනුම ලබා එය අන් අයට ඉගැන්වූයෙමි. ඔබ වෙනුවෙන් අල් කුර්ආනය කියවූවෙමි යැයි පවසයි. ඔබ බොරු පවසන්නෙහිය. ඔබ විද්වතෙකු යැයි පවසනු ලබන්නට ඔබ දැනුම හැදෑරුවෙහිය. හොඳ කාරි(අල් කුර්ආනය කියවීමට දක්ෂ) අයකු යැයි කියනු ලබන්නට ඔබ අල් කුර්ආනය කියෙව්වෙහිය. පසුව නිරයේ ගින්නට ඇද දමනු ලබන තෙක් ඔහුගේ මුණින් ඇදගෙන යන මෙන් නියෝග කරනු ලැබේ. තවත් මිනිසෙකුට (තීන්දු දෙනු ලැබේ) අල්ලාහ් ඔහුට මූල්ය වශයෙන් විස්තීරණය කර තිබිණ. ධනයෙන් ඇතැම් කොටස් ඔහු පිරිනැමීය. ඔහු ගෙන එනු ලැබ ඔහුගේ ආශිර්වාදය ඔහුට හඳුන්වා දෙයි. ඔහු එය හඳුනා ගනී. මේ සම්බන්ධයෙන් ඔබ කුමක් සිදු කළේ දැයි විමසයි. වියදම් කරනු ලබන්නට ඔබ ප්රිය කරන මාර්ග ඔස්සේ වියදම් කිරීම මා අතහැර දැමුවේ නැත. එය ඔබ වෙනුවෙන්ම වියදම් කළෙමි යැයි පවසයි. ඔබ බොරු පවසන්නෙහිය. නමුත් ඔබ එසේ සිදු කළේ ධානපතියෙකු යැයි කියනු ලැබීමටය. පසුව නිරයේ ගින්නට හෙළනු ලබන තෙක් ඔහුගේ මුණින් ඇදගෙන යනු ලබන මෙන් නියෝග කරනු ලැබේ.

6 - عن أَبي كَبْشَةَ الْأَنّْمَارِيِّ : أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم يَقُولُ: (ثَلاَثَةٌ أُقْسِمُ عَلَيْهِنَّ، وَأُحَدِّثُكُمْ حَدِيثاً فَاحْفَظُوهُ:
قَالَ: مَا نَقَصَ مَالُ عَبْدٍ مِنْ صَدَقَةٍ، وَلاَ ظُلِمَ عَبْدٌ مَظْلَمَةً فَصَبَرَ عَلَيْهَا إِلاَّ زَادَهُ اللهُ عِزّاً، وَلاَ فَتَحَ عَبْدٌ بَابَ مَسْأَلَةٍ إِلاَّ فَتَحَ اللهُ عَلَيْهِ بَابَ فَقْرٍ) أَوْ كَلِمَةً نَحْوَهَا.
(وَأُحَدِّثُكُمْ حَدِيثاً فَاحْفَظُوهُ، قَالَ: إِنَّمَا الدُّنْيَا لِأَرْبَعَةِ نَفَرٍ: عَبْدٍ رَزَقَهُ اللهُ مَالاً وَعِلْماً، فَهُوَ يَتَّقِي فِيهِ رَبَّهُ، وَيَصِلُ فِيهِ رَحِمَهُ، وَيَعْلَمُ لِلَّهِ فِيهِ حَقّاً، فَهَذَا بِأَفْضَلِ المَنَازِلِ؛ وَعَبْدٍ رَزَقَهُ اللهُ عِلْماً وَلَمْ يَرْزُقْهُ مَالاً، فَهُوَ صَادِقُ النِّيَّةِ، يَقُولُ: لَوْ أَنَّ لِي مَالاً لَعَمِلْتُ بِعَمَلِ فُلاَنٍ، فَهُوَ بِنِيَّتِهِ، فَأَجْرُهُمَا سَوَاءٌ. وَعَبْدٍ رَزَقَهُ اللهُ مَالاً وَلَمْ يَرْزُقْهُ عِلْماً، فَهُوَ يَخْبِطُ فِي مَالِهِ
[1] ، بِغَيْرِ عِلْمٍ، لاَ يَتَّقِي فِيهِ رَبَّهُ، وَلاَ يَصِلُ فِيهِ رَحِمَهُ، وَلاَ يَعْلَمُ لِلَّهِ فِيهِ حَقّاً، فَهَذَا بِأَخْبَثِ المَنَازِلِ. وَعَبْدٍ لَمْ يَرْزُقْهُ اللهُ مَالاً وَلاَ عِلْماً، فَهُوَ يَقُولُ: لَوْ أَنَّ لِي مَالاً لَعَمِلْتُ فِيهِ بِعَمَلِ فُلاَنٍ، فَهُوَ بِنِيَّتِهِ، فَوِزْرُهُمَا سَوَاءٌ) .

අබූ කබෂා අම්ර් ඉබ්නු සඃද් අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කරුණු තුනක් ඇත. මම ඒවා මත දිවුරමි. තවද මම ඔබට ප්රකාශයක් කරමි. එය ඔබලා ආරක්ෂා කරන්න: "සදකා හෙවත් දන් දීමෙන් ගැත්තකුගේ ධනය අඩු නොවේ. අපරාධයට ලක් වූ ගැත්තාට සිදුවන අපරාධය මත ඔහු ඉවසා සිටීමෙන් අල්ලාහ් ඔහුට ගෞරවය වැඩි කරනු මිස නැත. යාචකත්වයේ දොරටුව ගැත්තෙකු විසින් විවෘත කළ විට අල්ලාහ් දිළිඳුභාවයේ දොරටුව ඔහු වෙත විවෘත කරනු මිස නැත. තවද මම නුඹලාට ප්රකාශයක් කරමි. එය නුඹලා ආරක්ෂා කරනු. "සැබැවින්ම මෙලොව පුද්ගලයින් සිවු දෙනෙක් සතුය.: ගැත්තෙකු වනාහි, අල්ලාහ් ඔහුට ධනය හා දැනුම පිරිනමා ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු තම පරමාධිපතිට බිය වෙයි. ඒ තුළින් ඥාතී සම්බන්ධකම් ආරක්ෂා කරයි. සත්යය අල්ලාහ් වෙනුවෙන් දන්වා සිටියි. මෙය තරාතිරමින් ශ්රේෂ්ඨතම දෑ වෙයි. තවත් ගැත්තෙකු වනාහි ඔහුට අල්ලාහ් දැනුම දී තිබුණ ද මුදල් පිරිනමා නැත. එවිට ඔහු සැබෑ චේතනාවෙන් යුතුව, මට ධනය ඇත්නම් මේ පුද්ගලයා කටයුතු කරන අයුරින් මමත් කටයුතු කරමි යැයි පවසයි. ඔහු එම චේතනාවෙහිම පසුවෙයි. ඔවුන් දෙදෙනාගේ ප්රතිඵල එකසමානය. තවත් ගැත්තකු වනාහි ඔහුට අල්ලාහ් ධනය පිරිනමා තිබුණද දැනුම පිරිනමා නැත. කිසිදු දැනුමකින් තොරව ඔහුගේ ධනය සම්බන්ධයෙන් ඔහු පහත් තත්ත්වයට පත් වෙයි. ඒ සම්බන්ධයෙන් තම පරමාධිපතිට බිය නොවෙයි. ඒ තුළින් තම ඥාතීන් සමග සම්බන්ධකම් නොපවත්වයි. සෑබෑ ලෙසින් අල්ලාහ් වෙනුවෙන් දන්වා නොසිටියි. එය ඉතා නපුරුම තරාතිරම වේ. තවත් ගැත්තෙකු වනාහි අල්ලාහ් ඔහුට ධනය හෝ දැනුම හෝ පිරිනමා නැත. නමුත් ඔහු මා සතුව ධනය තිබුණේ නම් මෙම පුද්ගලයා කටයුතු කරන අයුරින් එහි මමද කටයුතු කරමි. ඔහු එම චේතනාවෙන්ම පසුවෙයි. ඔවුන් දෙදෙනාගේ කුසල් බර එක සමානය.

ت2325/ جه4228] [

* حسن صحيح.

10 - (م) عَن ابْنِ شُمَاسَةَ المَهْرِيِّ قَالَ: حَضَرْنَا عَمْرَو بْنَ العَاصِ وَهُوَ فِي سِيَاقَةِ المَوْتِ [1] ، فَبَكَى طَوِيلاً وَحَوَّلَ وَجْهَهُ إِلَى الجِدَارِ، فَجَعَلَ ابْنُهُ يَقُولُ: يَا أَبَتَاهُ! أَمَا بَشَّرَكَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم بِكَذَا؟ أَمَا بَشَّرَكَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم بِكَذَا؟ قَالَ: فَأَقْبَلَ بِوَجْهِهِ، فَقَالَ: إِنَّ أَفْضَلَ مَا نُعِدُّ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ، إِنِّي قَدْ كُنْتُ عَلَى أَطْبَاقٍ ثَلاَثٍ [2] :
لَقَدْ رَأَيْتُنِي وَمَا أَحَدٌ أَشَدَّ بُغْضاً لِرَسُولِ اللهِ صلّى الله عليه وسلّم مِنِّي، وَلاَ أَحَبَّ إِلَيَّ أَنْ أَكُونَ قَدْ اسْتَمْكَنْتُ مِنْهُ فَقَتَلْتُهُ، فَلَوْ مُتُّ عَلَى تِلْكَ الحَالِ لَكُنْتُ مِنْ أَهْلِ النَّارِ.
فَلَمَّا جَعَلَ اللهُ الْإِسْلاَمَ فِي قَلْبِي، أَتَيْتُ النَّبِيَّ صلّى الله عليه وسلّم، فَقُلْتُ: ابْسُطْ يَمِينَكَ فَلْأُبَايِعْكَ، فَبَسَطَ يَمِينَهُ، قَالَ: فَقَبَضْتُ يَدِي. قَالَ: (مَا لَكَ يَا عَمْرُو) ؟ قَالَ قُلْتُ: أَرَدْتُ أَنْ أَشْتَرِطَ قَالَ: (تَشْتَرِطُ بِمَاذَا) ؟ قُلْتُ: أَنْ يُغْفَرَ لِي، قَالَ: (أَمَا عَلِمْتَ أَنَّ الْإِسْلاَمَ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ؟ وَأَنَّ الهِجْرَةَ تَهْدِمُ مَا كَانَ قَبْلِهَا؟ وَأَنَّ الحَجَّ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ) ؟.
وَمَا كَانَ أَحَدٌ أَحَبَّ إِلَيَّ مِنْ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم، وَلاَ أَجَلَّ فِي عَيْنِي مِنْهُ، وَمَا كُنْتُ أُطِيقُ أَنْ أَمْلَأَ عَيْنَيَّ مِنْهُ إِجْلاَلاً لَهُ، وَلَوْ سُئِلْتُ أَنْ أَصِفَهُ مَا أَطَقْتُ، لِأَنِّي لَمْ أَكُنْ أَمْلَأُ عَيْنَيَّ مِنْهُ، وَلَوْ مُتُّ عَلَى تِلْكَ الحَالِ لَرَجَوْتُ أَنْ أَكُونَ مِنْ أَهْلِ الجَنَّةِ.
ثُمَّ وَلِينَا أَشْيَاءَ مَا أَدْرِي مَا حَالِي فِيهَا، فَإِذَا أَنَا مُتُّ، فَلاَ تَصْحَبْنِي نَائِحَةٌ وَلاَ نَارٌ، فَإِذَا دَفَنْتُمُونِي؛ فَشُنُّوا عَلَيَّ التُّرَابَ
[3]
شَنّاً، ثُمَّ أَقِيمُوا حَوْلَ قَبْرِي قَدْرَ مَا تُنْحَرُ جَزُورٌ، وَيُقْسَمُ لَحْمُهَا، حَتَّى أَسْتَأْنِسَ بِكُمْ، وَأَنْظُرَ مَاذَا أُرَاجِعُ بِهِ رُسُلَ رَبِّي.

ඉබ්නු ෂමාසා අල් මිහ්රී විසින් වාර්තා කරන ලදී. අපි අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා හමුවට ගියෙමු. එතුමා මරණාසන්නයේ පසුවීය. දිගු වේලාවක් එතුමා හැඩීය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. පසුව එතුමාගේ පුත්: අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? යැයි විමසීය. පසුව එතුමා එතුමාගේ මුහුණ නැවත හරවා මෙසේ පැවසීය. ‘අප සැලකිය යුතු වඩාත්ම උතුම් දෑ වනුයේ ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව පවසන සාක්ෂියේ වදනයි. සැබැවින්ම මම ස්ථාවර තුනක සිටියෙමි. සැබැවින්ම මම මා ගැන සිතනුයේ, මට වඩා අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි බලවත් සේ කෝප වූ මෙන්ම අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට වඩාත් ආශා කළ වෙනත් කෙනෙකු නොමැති බවයි. එම තත්ත්වයේ මම මිය ගොස් තිබුණේ නම් මම ද නිරාවාසීන් අතරින් කෙනෙකු වන්නට තිබුණි. මාගේ සිත තුළ අල්ලාහ් ඉස්ලාමය තැන්පත් කළ කල්හි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ, ‘ඔබේ දකුණත දිගු හරින්න. මම ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා එතුමාගේ දකුණත දිගු හැරිය ද මාගේ දකුණත මා මොලවා ගත්තෙමි. එවිට එතුමා ‘අහෝ අම්ර් ඔබට කුමක් සිදුවීද?” යැයි විමසූහ. ‘කොන්දේසියක් පනවන්නට සිතමි’ යැයි පැවසුවෙමි. එතුමා: ඔබ කොන්දේසි පනවනුයේ කුමක් ගැනද? යැයි විමසූහ. මම: ‘මට සමාව දෙනු ලැබීම ගැන’ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ නො දන්නෙහි ද?” යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා මට වඩාත් ප්රියමනාප කිසිවකු නොවීය. එතුමාට වඩා මාගේ දෑසට දැකුම්කළු කිසිවකු නොවීය. එතුමා සතු බලවත් කීර්තිය හේතුවෙන් මාගේ දෑස් එතුමාගෙන් පුරවන්නට මම අපොහොසත් වූයෙමි. එතුමා ගැන වර්ණනා කරන මෙන් මගෙන් විමසා සිටියේ නම් ඒ සඳහා මම අපොහොසත් වෙමි. ඊට හේතුව මාගේ දෑස් එතුමා ගැන ප්රමාණවත් තරමට පුරවා ගෙන නොමැති බැවිණි. එම තත්ත්වයේ මා මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට ප්රිය කරමි. පසුව අපට කරුණු බොහෝමයක් භාර කෙරිණි. ඒවායෙහි මාගේ තත්ත්වය ගැන මම නොදනිමි. මම මිය ගිය විට මොර හඬ දී හඬා වැළපෙන කිසිවකු මා සමග සේන්දු නොවිය යුතුයි. නුඹලා මා වළදැමූ විට මා වෙත පස් අහුරු ටික ටික දමන්න. පසුව මාගේ මිනීවල අවට ඔටුවකු කපා උගේ මස් බෙදා හරින කාලයක් මා නුඹලා සමග සම්බන්ධකම් ඇති කරන තරමට රැඳී සිටින්න. මාගේ පරමාධිපතිගේ දූතවරු කවර කරුණක් මගෙන් විමසන්නේ යැයි මම අධීක්ෂණය කරමි.

11 - عَنْ أَنَسٍ قَالَ: جَاءَ رَجُلٌ إِلى النَّبِيِّ صلّى الله عليه وسلّم فَقَالَ: يَا رَسُولُ اللهِ، مَا تَرَكْتُ حَاجَّةَ ولا دَاجَّةَ [1] إِلاَّ قَدْ أَتَيْتُ. قَالَ: (أَلَيْسَ تَشْهَدُ أَنْ لا إِلـهَ إِلاَّ اللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ؟) ثَلاثَ مراتٍ. قَالَ: نَعَمْ، قَالَ: (فَإِنَّ ذَلكَ يَأْتي عَلى ذَلكَ) .

[مخ5/1773]

* إسناده صحيح.

12 - (م) عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم أَنَّهُ قَالَ: (وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ! لاَ يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلاَ نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ، وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ؛ إِلاَّ كَانَ مِنْ أَصْحَابِ النَّارِ) .

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි. “මුහම්මද්ගේ ආත්මය කවරෙකුගේ අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරමින්, මෙම සමූහයා අතර කිසියම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ මා ගැන අසා පසුව මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන ඔහු විශ්වාස නොකළ තත්ත්වයේ මියැදුණේ නම් ඔහු නිරාගින්නේ සගයින් අතරින් කෙනෙකු මිස වෙනත් නොවන්නේය.”

14 - (ق) عَنْ أَبِي ذَرٍّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (أَتَانِي آتٍ مِنْ رَبِّي، فَأَخْبَرَنِي ـ أَوْ قَالَ: بَشَّرَنِي ـ أَنَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِي لاَ يُشْرِكُ بِاللهِ شَيْئاً، دَخَلَ الجَنَّةَ) . قُلْتُ: وَإِنْ زَنَى وَإِنْ سَرَقَ؟ قَالَ: (وَإِنْ زَنَى وَإِنْ سَرَقَ) .

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග නිදහසේ මදීනාවේ ගමන් කරමින් සිටියෙමි. එවිට උහුද් කන්ද අප ඉදිරියේ දිස් විය. එවිට එතුමා “අහෝ අබූ දර්” යැයි ඇමතූහ. මම ‘අල්ලාහ්ගේ දූතයාණනි මම ඔබ සමීපයෙන් සිටිමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: “මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී, එය මා සමග දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්රමාණයක් මිස දීනාරයක් හෝ මා සතුව තිබීම මා සතුටු කරවන්නක් නොවන්නේය. එසේ තිබුණත් ඒ ගැන අල්ලාහ්ගේ ගැත්තත් වන මේ මේ මේ අයට යැයි පැවසීම හැර...” එය ඔහුගේ දකුණු පැත්තට වම් පැත්තට හා පසුපසට හැරිමිනි. පසුව නැවතත් ගමන් කළහ. පසුව එතුමා “සැබැවින්ම අධිකව තිබෙන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දෙනෙකු වෙති. නමුත් එම සම්පත් මේ මේ මේ දෑට යයි පවසා සිටියවුන් හැර. ‘ඔවුන් ස්වල්ප දෙනෙකි.’ පසුව එතුමා මට: “ඔබේ ස්ථානයේම සිටින්න. ඔබ වෙත මම නැවත පැමිණෙන තුරු හැරී නොයන්න.’ යැයි පැවසූහ. පසුව එතුමා නොපෙනෙන තෙක් රාත්රී අන්ධකාරයේ ගමන් කළේය. පසුව මම හඬකට සවන් දුනිමි. එය ඉහළින් විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හරහට කිසිවෙකු හෝ වෙත්දැ?යි මම බිය වූයෙමි. ‘මම ඔබ වෙත පැමිණෙන තුරු හැර නොයන්න.’ එතුමා කියූ වචනය මට මතක් විය. එහෙයින් එතුමා මා වෙත පැමිණෙන තෙක් මා හැර නොගියෙමි. පසුව මම: සැබිවන්ම මම හඬකට සවන් දුනිමි. ඒ ගැන මම බිය වූයෙමි. මම එතුමාට ඒ ගැන ප්රකාශ කළෙමි. එවිට එතුමා: “ඔබ එයට සවන් දුන්නෙහිද?” මම ‘ඔව්’ යැයි පැවසුවෙමි. එතුමා: “එය ජිබ්රීල්ය. ඔහු මා වෙත පැමිණියේය. පසුව හෙතෙම ඔබේ සමූහයා අතරින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මිය යන්නන් ස්වර්ගයට පිවිසීය” යැයි පැවසීය. මම ‘ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද යැයි විමසුවෙමි. එතුමා ඔහු දුරාචාරයේ යෙදුණ ද සොරකම් කළ ද යැයි පැවසූහ.