المقصدُ السَّادسُ: المعَامَلاَت

قال تعالى: {وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا}. [البقرة:275]

2985 - (ق) عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم يَقُولُ: (الْحَلاَلُ بَيِّنٌ [1] ، وَالْحَرَامُ بَيِّنٌ، وَبَيْنَهُمَا مُشبَّهَاتٌ لاَ يَعْلَمُهَا كَثِيرٌ مِنَ النَّاسِ، فَمَنِ اتَّقى المُشَبَّهَاتِ اسْتَبْرَأَ [2] لِدِينِهِ وَعِرْضِهِ، وَمَنْ وَقَعَ فِي الشُّبُهَاتِ: كَرَاعٍ يَرْعَى حَوْلَ الْحِمَى [3] ، يُوشِكُ أَنْ يُوَاقِعَهُ. أَلاَ وَإِنَّ لِكُلِّ مَلِكٍ حِمىً، أَلاَ إِنَّ حِمَى اللهِ فِي أَرْضِهِ مَحَارمُهُ، أَلاَ وَإِنَّ فِي الْجَسَدِ مُضْغَةً: إِذَا صَلَحَتْ صَلَحَ الْجَسَدُ كُلُّهُ، وَإِذَا فَسَدَتْ فَسَدَ الْجَسَدُ كُلُّهُ، أَلاَ وَهِيَ الْقَلْبُ) .

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් නුඃමාන් ඉබ්නු බෂීර් තුමා මෙසේ වාර්තා කරයි. “සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය. එමෙන්ම (හරාම් හෙවත්) තහනම් කරුණු ද පැහැදිලිය. මේ දෙක අතර සැක උපදවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා ගැන නොදනිති. එහෙයින් කවරෙකු සැක උපදවන දැයින් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ඔහුගේ දහමට හා ඔහුගේ මාන්යයට ආරක්ෂාව සළසා ගත්තේය. කවරෙකු සැක උපදවන දෑහි වැටුනේ ද ඔහු තහනම් කරුණු අතරට වැටුණි. එය වැට අවට එහි ඇතුළු වීමට බලන සතුන් පාලනය කරන එඩේරකු මෙනි. දැනගන්න! සෑම රජකුටම වැටක් ඇත. දැනගන්න! සැබැවින් අල්ලාහ්ගේ වැට වනුයේ ඔහු තහනම් කළ දෑය. දැන ගන්න! ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ශරීරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ශරීරයම නරක් වෙයි. දැන ගන්න! එයයි හදවත.”

2986 - عَنْ أَبِي الْحَوْرَاءِ السَّعْدِيِّ قَالَ: قُلْتُ لِلْحَسَنِ بْنِ عَلِيٍّ: مَا حَفِظْتَ مِنْ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم؟ قَالَ: حَفِظْتُ مِنْ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم (دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لاَ يَرِيبُكَ) .

හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පවසා සිටියේය: “ඔබට සැක ඇති කරන දෑ ඔබට සැක ඇති නොකරන තෙක් අතහැර දමනු” යන ප්රකාශය මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ධාරණය කර ගත්තෙමි.

[ت2518/ ن5727/ مي2574]

2996 - (خ) عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رضي الله عنهما: أَنَّ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم قَالَ: (رَحِمَ اللهُ رَجُلاً سَمْحاً إِذَا بَاعَ، وَإِذَا اشْتَرَى، وَإِذَا اقْتَضى) .

සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා පැවසූ බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “විකුණන විටත් මිලට ගන්නා විටත් තීන්දු කරන විටත් අවකාශය ලබා දෙන මිනිසාට අල්ලාහ් කරුණා කරත්වා!“

2997 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم يَقُولُ: (الحَلِفُ مَنْفَقَةٌ لِلسِّلْعَةِ [1] ، مَمْحَقَةٌ لِلْبَرَكَةِ [2] ) .

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්රකාශ කරන ලදී. ‘දිවුරා සිටීම භාණ්ඩය ප්රවර්ධණය කරන නමුත් ඉපැයීම විනාශ කරන්නකි.’