المقصدُ الثّامِنُ: الرَّقَائِقُ وَالأَخْلاَقُ وَالآدَابُ

قال تعالى: {وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ *}. [آل عمران:133]

3275 - (خ) عَنْ أَبِـي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (إِنَّ اللهَ قالَ [1] : مَنْ عادَى لِي وَلِيّاً [2] فَقَدْ آذَنْتُهُ [3] بِالحَرْبِ، وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْدِي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ، وَمَا يَزَالُ عَبْدِي يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتَّى أُحِبَّهُ، فَإِذَا أَحْبَبْتُهُ: كُنْتُ سَمْعَهُ الَّذِي يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذِي يُبْصِرُ بِهِ، وَيَدَهُ الَّتِي يَبْطِشُ بِهَا، وَرِجْلَهُ الَّتِي يَمْشِي بِهَا، وَإِنْ سَأَلَنِي لأُعْطِيَنَّهُ، وَلَئِنِ اسْتَعَاذَنِي لأُعِيذَنَّهُ، وَمَا تَرَدَّدْتُ عَنْ شَيْءٍ أَنَا فَاعِلُهُ تَرَدُّدِي عَنْ نَفْسِ المُؤْمِنِ، يَكْرَهُ المَوْتَ وَأَنَا أَكْرَهُ مَسَاءَتَهُ) .

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: ‘යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි. ඒ අනුව මම ඔහුට ප්රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්රවණයත්, ඔහු දකින ඔහුගේ දර්ශනයත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම් මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් සරණ පතන්නේ නම් මම ඔහුට රැකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා මම ඔහුට හානි ඇති වීම ගැන පිළිකුල් කරන බැවිණි.”

3276 - (م) وَعَنْهُ: أَنَّ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم قَالَ: (بَادِرُوا بِالأَعْمَالِ فِتَناً كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ، يُصْبِـحُ الرَّجُلُ مُؤْمِناً وَيُمْسِي كَافِراً، أَوْ يُمْسِي مُؤْمِناً وَيُصْبِـحُ كَافِراً، يَبِيعُ دِينَهُ بِعَرَضٍ مِنَ الدُّنْيَا) .

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අඳුරු රාත්රියේ කොටසක් මෙන් වන අර්බුධය දැහැමි ක්රියාවන් තුළින් (අබිබවන්නට) ඉක්මන් වන්න. මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කළ අයකු ලෙස අවදි වෙයි. සවස දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. එමෙන්ම ඔහු සවස දේවත්වය විශ්වාස කළ අයකු ලෙස සවස් කාලයට එළැඹෙයි. උදෑසන දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකු ලෙස අවදි වෙයි. මෙලොව ඇති වස්තුව වෙනුවට තම දහම විකුණා දමයි.

3278 - (م) عَنْ صُهَيْبٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (عَجَباً لأَمْرِ الْمُؤْمِنِ، إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ، وَلَيْسَ ذَاكَ لأَحَدٍ إِلاَّ لِلْمُؤْمِنِ: إِنْ أَصَابَتْهُ سَرَّاءُ [1] شَكَرَ، فَكَانَ خَيْراً لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ [2] صَبَرَ، فَكَانَ خَيْراً لَهُ) .

සුහෙයිබ් ඉබ්නු සිනාන් අර්රූමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දෙවියන් විශ්වාස කරන්නාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය දෙවියන් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එයද ඔහුට යහපත් වන්නේය.”

3280 - (م) عَنْ مُسْتَوْرِدٍ بْنِ شَدَّادٍ ـ أَخي بَنِي فِهْرٍ ـ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (وَاللهِ مَا الدُّنْيَا فِي الآخِرَةِ؛ إِلاَّ مِثْلُ مَا يَجْعَلُ أَحَدُكُمْ إِصْبَعَهُ هَـذِهِ ـ وَأَشَارَ يَحْيَى بِالسَّبَّابَةِ ـ فِي الْيَمِّ؛ فَلْيَنْظُرْ بِمَ تَرْجِعُ؟) .

මුස්තව්රිද් ඉබ්නු ෂද්දාද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇඟිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!“

3281 - (ق) عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ، عَنِ النَّبِـيِّ صلّى الله عليه وسلّم قالَ: (مَنْ أَحَبَّ لِقَاءَ اللهِ أَحَبَّ اللهُ لِقَاءَهُ، وَمَنْ كَرِهَ لِقَاءَ اللهِ كَرِهَ اللهُ لِقَاءَهُ) .

ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු අල්ලාහ් හමුවීමට ප්රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.“ එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි, එය මරණය පිළිකුල් කිරීම ද? එසේ නම් අපි සියලු දෙනා මරණය පිළිකුල් කරන්නෙමු ද යැයි පැවසුවෙමි. එවිට එතුමා, “එය එසේ නොවේ. නමුත් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයකු අල්ලාහ්ගේ කරුණාව, ඔහුගේ තෘප්තිය, ඔහුගේ ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වනු ලැබූ විට අල්ලාහ්ව හමුවීමට ඔහු ප්රිය කරනු ඇත. එවිට අල්ලාහ් ද ඔහුව හමුවීමට ප්රිය කරයි. දෙවියන් ප්රතික්ෂේප කරන අයකුට අල්ලාහ්ගේ දඬුවම ඔහුගේ කෝපය ගැන දන්වනු ලැබූ විට ඔහු අල්ලාහ්ව හමුවීම පිළිකුල් කරයි. අල්ලාහ් ද ඔහු හමුවීමට පිළිකුල් කරයි.“ යනුවෙන් පැවසුහ.

3285 - (خ) عَنْ مُجَاهِدٍ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: أَخَذَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم بِمَنْكِبِـي فَقَالَ: (كُنْ في الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ، أَوْ عَابِرُ سَبِيلٍ) .
وكان ابن عمر يقول: إذا أمْسَيتَ فَلا تَنْتَظِرِ الصَّبَاحَ، وإذَا أصْبَحْتَ فَلا تَنْتَظِرِ المَساءَ، وَخُذْ مِنْ صِحَتِكَ لمَرَضِكَ، ومِنْ حَيَاتِكَ لموْتِكَ.

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන “ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද ගන්න.

3287 - (خ) عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رضي الله عنه قـالَ: خَطَّ النَّبِـيُّ صلّى الله عليه وسلّم خَطّاً مُرَبَّعاً، وَخَـطَّ خَطّـاً فِي الْوَسَطِ خارِجـاً مِنْهُ، وَخَط خُطَطاً صِغَاراً إِلَى هَـذَا الَّذِي في الْوَسَطِ مِنْ جَانِبِهِ الَّذِي في الْوَسَطِ، وَقَـالَ: (هَـذَا الإِنْسَانُ، وَهذَا أَجَلُهُ مُحِيطٌ بِهِ ـ أَوْ: قَدْ أَحَاطَ بِهِ ـ وَهَـذَا الَّذِي هُوَ خَارِجٌ أَمَلُهُ، وَهذِهِ الخُطُطُ الصِّغَارُ: الأَعْرَاضُ، فَإِنْ أَخْطَأَهُ هَـذَا نَهَشَهُ هَـذَا، وَإِنْ أَخْطَأَهُ هَـذَا نَهَشَهُ هَـذَا) .

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉරි කිහිපයක් ඇද මෙය මිනිසාය මෙය ඔහුගේ අවසන් කාලයයි. ඒ අතර ඔහු මෙසේය එවිට කෙටි රේඛා ගෙන ආහ. ඉබ්නු මස්ඌද්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හතරස් කොටුවක් ඇද මැදින් ඉන් පිටතට යන තෙක් ඉරක් ඇන්ඳහ. කොටුව තුළ වූ මැද ඉරෙහි මැදින් ඉරි කිහිපයක් ඇන්ඳහ. පසුව (( මෙය මිනිසාය. මෙය ඔහු වටලා ඇති ඔහුගේ අවසන් කාලයයි. ඉන් පිටතට ගිය ඉර ඔහුගේ ආශාවය. හරහට ඇති කුඩා ඉරි වනාහි, එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇත. තවද ඔහු එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇතැයි පැවසූහ.))