3 ـ باب: الإسلام يهدم ما قبله

Hadith No.: 10

10 - (م) عَن ابْنِ شُمَاسَةَ المَهْرِيِّ قَالَ: حَضَرْنَا عَمْرَو بْنَ العَاصِ وَهُوَ فِي سِيَاقَةِ المَوْتِ [1] ، فَبَكَى طَوِيلاً وَحَوَّلَ وَجْهَهُ إِلَى الجِدَارِ، فَجَعَلَ ابْنُهُ يَقُولُ: يَا أَبَتَاهُ! أَمَا بَشَّرَكَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم بِكَذَا؟ أَمَا بَشَّرَكَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم بِكَذَا؟ قَالَ: فَأَقْبَلَ بِوَجْهِهِ، فَقَالَ: إِنَّ أَفْضَلَ مَا نُعِدُّ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ، إِنِّي قَدْ كُنْتُ عَلَى أَطْبَاقٍ ثَلاَثٍ [2] :
لَقَدْ رَأَيْتُنِي وَمَا أَحَدٌ أَشَدَّ بُغْضاً لِرَسُولِ اللهِ صلّى الله عليه وسلّم مِنِّي، وَلاَ أَحَبَّ إِلَيَّ أَنْ أَكُونَ قَدْ اسْتَمْكَنْتُ مِنْهُ فَقَتَلْتُهُ، فَلَوْ مُتُّ عَلَى تِلْكَ الحَالِ لَكُنْتُ مِنْ أَهْلِ النَّارِ.
فَلَمَّا جَعَلَ اللهُ الْإِسْلاَمَ فِي قَلْبِي، أَتَيْتُ النَّبِيَّ صلّى الله عليه وسلّم، فَقُلْتُ: ابْسُطْ يَمِينَكَ فَلْأُبَايِعْكَ، فَبَسَطَ يَمِينَهُ، قَالَ: فَقَبَضْتُ يَدِي. قَالَ: (مَا لَكَ يَا عَمْرُو) ؟ قَالَ قُلْتُ: أَرَدْتُ أَنْ أَشْتَرِطَ قَالَ: (تَشْتَرِطُ بِمَاذَا) ؟ قُلْتُ: أَنْ يُغْفَرَ لِي، قَالَ: (أَمَا عَلِمْتَ أَنَّ الْإِسْلاَمَ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ؟ وَأَنَّ الهِجْرَةَ تَهْدِمُ مَا كَانَ قَبْلِهَا؟ وَأَنَّ الحَجَّ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ) ؟.
وَمَا كَانَ أَحَدٌ أَحَبَّ إِلَيَّ مِنْ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم، وَلاَ أَجَلَّ فِي عَيْنِي مِنْهُ، وَمَا كُنْتُ أُطِيقُ أَنْ أَمْلَأَ عَيْنَيَّ مِنْهُ إِجْلاَلاً لَهُ، وَلَوْ سُئِلْتُ أَنْ أَصِفَهُ مَا أَطَقْتُ، لِأَنِّي لَمْ أَكُنْ أَمْلَأُ عَيْنَيَّ مِنْهُ، وَلَوْ مُتُّ عَلَى تِلْكَ الحَالِ لَرَجَوْتُ أَنْ أَكُونَ مِنْ أَهْلِ الجَنَّةِ.
ثُمَّ وَلِينَا أَشْيَاءَ مَا أَدْرِي مَا حَالِي فِيهَا، فَإِذَا أَنَا مُتُّ، فَلاَ تَصْحَبْنِي نَائِحَةٌ وَلاَ نَارٌ، فَإِذَا دَفَنْتُمُونِي؛ فَشُنُّوا عَلَيَّ التُّرَابَ
[3]
شَنّاً، ثُمَّ أَقِيمُوا حَوْلَ قَبْرِي قَدْرَ مَا تُنْحَرُ جَزُورٌ، وَيُقْسَمُ لَحْمُهَا، حَتَّى أَسْتَأْنِسَ بِكُمْ، وَأَنْظُرَ مَاذَا أُرَاجِعُ بِهِ رُسُلَ رَبِّي.

ඉබ්නු ෂමාසා අල් මිහ්රී විසින් වාර්තා කරන ලදී. අපි අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා හමුවට ගියෙමු. එතුමා මරණාසන්නයේ පසුවීය. දිගු වේලාවක් එතුමා හැඩීය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. පසුව එතුමාගේ පුත්: අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? යැයි විමසීය. පසුව එතුමා එතුමාගේ මුහුණ නැවත හරවා මෙසේ පැවසීය. ‘අප සැලකිය යුතු වඩාත්ම උතුම් දෑ වනුයේ ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව පවසන සාක්ෂියේ වදනයි. සැබැවින්ම මම ස්ථාවර තුනක සිටියෙමි. සැබැවින්ම මම මා ගැන සිතනුයේ, මට වඩා අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි බලවත් සේ කෝප වූ මෙන්ම අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට වඩාත් ආශා කළ වෙනත් කෙනෙකු නොමැති බවයි. එම තත්ත්වයේ මම මිය ගොස් තිබුණේ නම් මම ද නිරාවාසීන් අතරින් කෙනෙකු වන්නට තිබුණි. මාගේ සිත තුළ අල්ලාහ් ඉස්ලාමය තැන්පත් කළ කල්හි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ, ‘ඔබේ දකුණත දිගු හරින්න. මම ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා එතුමාගේ දකුණත දිගු හැරිය ද මාගේ දකුණත මා මොලවා ගත්තෙමි. එවිට එතුමා ‘අහෝ අම්ර් ඔබට කුමක් සිදුවීද?” යැයි විමසූහ. ‘කොන්දේසියක් පනවන්නට සිතමි’ යැයි පැවසුවෙමි. එතුමා: ඔබ කොන්දේසි පනවනුයේ කුමක් ගැනද? යැයි විමසූහ. මම: ‘මට සමාව දෙනු ලැබීම ගැන’ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ නො දන්නෙහි ද?” යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා මට වඩාත් ප්රියමනාප කිසිවකු නොවීය. එතුමාට වඩා මාගේ දෑසට දැකුම්කළු කිසිවකු නොවීය. එතුමා සතු බලවත් කීර්තිය හේතුවෙන් මාගේ දෑස් එතුමාගෙන් පුරවන්නට මම අපොහොසත් වූයෙමි. එතුමා ගැන වර්ණනා කරන මෙන් මගෙන් විමසා සිටියේ නම් ඒ සඳහා මම අපොහොසත් වෙමි. ඊට හේතුව මාගේ දෑස් එතුමා ගැන ප්රමාණවත් තරමට පුරවා ගෙන නොමැති බැවිණි. එම තත්ත්වයේ මා මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට ප්රිය කරමි. පසුව අපට කරුණු බොහෝමයක් භාර කෙරිණි. ඒවායෙහි මාගේ තත්ත්වය ගැන මම නොදනිමි. මම මිය ගිය විට මොර හඬ දී හඬා වැළපෙන කිසිවකු මා සමග සේන්දු නොවිය යුතුයි. නුඹලා මා වළදැමූ විට මා වෙත පස් අහුරු ටික ටික දමන්න. පසුව මාගේ මිනීවල අවට ඔටුවකු කපා උගේ මස් බෙදා හරින කාලයක් මා නුඹලා සමග සම්බන්ධකම් ඇති කරන තරමට රැඳී සිටින්න. මාගේ පරමාධිපතිගේ දූතවරු කවර කරුණක් මගෙන් විමසන්නේ යැයි මම අධීක්ෂණය කරමි.

قال تعالى: {إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ}. [هود:114]

[م121]