197 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ: أَنَّ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم قَالَ: (حُجِبَتِ النَّارُ بِالشَّهَوَاتِ، وَحُجِبَتِ الجَنَّةُ بِالمكارِهِ) ..
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තණ්හා ආශාවන්ගෙන් අපා ගින්න ආවරණය වී ඇත. පිළිකුල් කරන දැයින් ස්වර්ගය ආවරණය වී ඇත.” මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලැබූ හදීසයකි. මෙය බුහාරිහි සඳහන් පද පෙළයි. ඒ දෙකෙහි සඳහන් තවත් වාර්තාවක ‘ආවරණය වී ඇත’ යනුවෙන් පරිවර්තනය කර ඇති ‘හුජිබත්’ යන පදය වෙනුවට ‘හුෆ්ෆත්’ -වට වී ඇත- යන පදය යෙදී ඇත.
قال تعالى: {وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ *وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ *}. [الشعراء: 90، 91]
[خ6487، م2823]