25 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (لَمَّا قَضَى اللهُ الخَلْقَ كَتَبَ فِي كِتَابِهِ، فَهُوَ عِنْدَهُ فَوْقَ العَرْشِ: إِنَّ رَحْمَتِي غَلَبَتْ غَضَبِي) .
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් මැවීම් මැවූ කල්හි, සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපය අබිබවා යනු ඇත යැයි අර්ෂ් හෙවත් දේව රාජධානියට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක ලිවීය.” තවත් වාර්තාවක: ‘එය මාගේ කෝපය අබිබවා ගොස් ඇත.’ තවත් වාර්තාවක: ‘එය මාගේ කෝපය පසුකර ගොස් ඇත.’
قال تعالى: {وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ}. [الأعراف:156] وقال تعالى: {وَأَدْخِلْنَا فِي رَحْمَتِكَ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ}. [الأعراف:151]
[خ3194/ م2751]