30 -
(م) عَنْ أَبِي ذَرٍّ، عَن النَّبِيِّ صلّى الله عليه وسلّم، فِيمَا رَوَى عَن اللهِ تَبَارَكَ وَتَعَالَى أَنَّهُ قَالَ: (يَا عِبَادِي! إِنِّي حَرَّمْتُ الظُّلْمَ عَلَى نَفْسِي
[1]
وَجَعَلْتُهُ بَيْنَكُمْ مُحَرَّماً، فَلاَ تَظَالَمُوا
[2]
.
يَا عِبَادِي! كُلُّكُمْ ضَالٌّ إِلاَّ مَنْ هَدَيْتُهُ؛ فَاسْتَهْدُونِي أَهْدِكُمْ.
يَا عِبَادِي! كُلُّكُمْ جَائِعٌ إِلاَّ مَنْ أَطْعَمْتُهُ؛ فَاسْتَطْعِمُونِي أُطْعِمْكُمْ.
يَا عِبَادِي! كُلُّكُمْ عَارٍ إِلاَّ مَنْ كَسَوْتُهُ؛ فَاسْتَكْسُونِي أَكْسُكُمْ.
يَا عِبَادِي! إِنَّكُمْ تُخْطِئُونَ بِاللَّيْلِ وَالنَّهَارِ، وَأَنَا أَغْفِرُ الذُّنُوبَ جَمِيعاً؛ فَاسْتَغْفِرُونِي أَغْفِرْ لَكُمْ.
يَا عِبَادِي! إِنَّكُمْ لَنْ تَبْلُغُوا ضَرِّي فَتَضُرُّونِي، وَلَنْ تَبْلُغُوا نَفْعِي فَتَنْفَعُونِي.
يَا عِبَادِي! لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ، كَانُوا عَلَى أَتْقَى قَلْبِ رَجُلٍ وَاحِدٍ مِنْكُمْ، مَا زَادَ ذَلِكَ فِي مُلْكِي شَيْئاً.
يَا عِبَادِي! لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ، كَانُوا عَلَى أَفْجَرِ قَلْبِ رَجُلٍ وَاحِدٍ، مَا نَقَصَ ذَلِكَ مِنْ مُلْكِي شَيْئاً.يَا عِبَادِي! لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ، قَامُوا فِي صَعِيدٍ وَاحِدٍ فَسَأَلُونِي، فَأَعْطَيْتُ كُلَّ إِنْسَانٍ مَسْأَلَتَهُ، مَا نَقَصَ ذَلِكَ مِمَّا عِنْدِي؛ إِلاَّ كَمَا يَنْقُصُ المِخْيَطُ
[3]
إِذَا أُدْخِلَ البَحْرَ.
يَا عِبَادِي! إِنَّمَا هِيَ أَعْمَالُكُمْ أُحْصِيهَا لَكُمْ، ثُمَّ أُوَفِّيكُمْ إِيَّاهَا، فَمَنْ وَجَدَ خَيْراً فَلْيَحْمَدِ اللهَ، وَمَنْ وَجَدَ غَيْرَ ذَلِكَ فَلاَ يَلُومَنَّ إِلاَّ نَفْسَهُ) .
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම පරමාධිපති ගැන දන්වා සිටි කරුණු සම්බන්ධයෙන් අබූ දර් ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි. “මාගේ ගැත්තනි, අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි, මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙමි. මාගේ ගැත්තනි, මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසමි. සැබැවින්ම නුඹලා රාත්රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි, නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ ධාර්මික හදවත තරම් වඩාත් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි, නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි, නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි, සැබැවින්ම නුඹලාගේ ක්රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”
قال تعالى: {وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ}. [غافر:60] وقال تعالى: {وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ}. [البقرة:186]
[م2577]