49 -
(م) عَنْ عُمَرَ بْنِ الخَطَّابِ قَالَ: بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم ذَاتَ يَوْمٍ، إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعْرِ، لاَ يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلاَ يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتَّى جَلَسَ إِلَى النَّبِيِّ صلّى الله عليه وسلّم، فَأَسْنَدَ رُكْبَتَيْهِ إِلَى رُكْبَتَيْهِ، وَوَضَعَ كَفَّيْهِ عَلَى فَخِذَيْهِ
[1]
، وَقَالَ: يَا مُحَمَّدُ، أَخْبِرْنِي عَنِ الإِسْلاَمِ؟ فَقَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (الإِسْلامُ: أَنْ تَشْهَدَ أَنْ لاَ إِلهَ إِلاَّ اللهُ، وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ صلّى الله عليه وسلّم، وَتُقِيمَ الصَّلاَةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ البَيْتَ، إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلاً) ، قَالَ: صَدَقْتَ.قَالَ: فَعَجِبْنَا لَهُ، يَسْأَلُهُ وَيُصَدِّقُهُ
[2]
. قَالَ: فَأَخْبِرْنِي عَنِ الإِيمَانِ؟ قَالَ: (أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلاَئِكَتِهِ، وَكُتُبِهِ وَرُسُلِهِ، وَاليَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالقَدَرِ خَيْرِهِ وَشَرِّهِ) ، قَالَ: صَدَقْتَ.
قَالَ: فَأَخْبِرْنِي عَنِ الإِحْسَانِ؟ قَالَ: (أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ، فَإِنَّهُ يَرَاكَ) .
قَالَ: فَأَخْبِرْنِي عَنِ السَّاعَةِ؟ قَالَ: (مَا المَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ) . قَالَ: فَأَخْبِرْنِي عَنْ أَمَارَتِهَا
[3]
؟ قَالَ: (أَنْ تَلِدَ الأَمَةُ رَبَّتَهَا، وَأَنْ تَرَى الحُفَاةَ العُرَاةَ، العَالَةَ
[4]
، رِعَاءَ الشَّاءِ، يَتَطَاوَلُونَ فِي البُنْيَانِ) .
قَالَ: ثُمَّ انْطَلَقَ، فَلَبِثْتُ مَلِيّاً
[5]
، ثُمَّ قَالَ لِي: (يَا عُمَرُ! أَتَدْرِي مَنِ السَّائِلُ) ؟ قُلْتُ: اللهُ ورَسُولُهُ أَعْلَمُ، قَالَ: (فَإِنَّهُ جِبْرِيلُ، أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ) .
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක් අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු උදා විය. ගමනක සළකුණක් හෝ ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර; ඔහුගේ අත්දෙක ඔහුගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම යැයි පැවසූහ. පසුව ඔහු. ‘ඔබ සත්යාය ප්රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාගෙන් විමසයි. එය සත්ය ය යැයි ද පවසයි. ඔහු තවදුරටත් ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්නැ?යි විමසා සිටියේය. එතුමා: ඔබ අල්ලාහ්, ඔහුගේ දූතයින්, ඔහුගේ ග්රන්ථ හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොද හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි. ඔහු ඔබ සත්යමය ප්රකාශ කළෙහිය. නැවතත් ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමා: ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි. මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න යැයි පැවසීය. එතුමා: විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නාය.’ ඔහු ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න. එතුමා: වහලියක් තම ස්වාමි පුත්රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්ර, එළුවන් බලා කියා ගන්නා උදවිය උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති. පසුව ඔහු හැරී ගියේය. එතුමා මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර් විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද? මම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නාය. යැයි පැවසුවෙමි. එතුමා “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය.”
قال تعالى: {إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الإِسْلاَمُ}. [آل عمران:19] وقال تعالى: {وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الآخِرِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا}. [النساء:136] وقال تعالى: {وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ}. [البقرة:195]
[م8]