55 - (ق) عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما، عَنِ النَّبِيِّ صلّى الله عليه وسلّم، فِيمَا يَرْوِي عَنْ رَبِّهِ عزّ وجل قَالَ: قَالَ: (إِنَّ اللهَ كَتَبَ الحَسَنَاتِ وَالسَّيِّئَاتِ ثُمَّ بَيَّنَ ذلِكَ، فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللهُ لَهُ عِنْدَهُ حَسَنَةً كامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا وَعَمِلَهَا كَتَبَهَا اللهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللهُ لَهُ عِنْدَهُ حَسَنَةً كامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللهُ لَهُ سَيِّئَةً وَاحِدَةً) .
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර තම පරමාධිපති ගැන දන්වා සිටියදී මෙසේ පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා; එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි. මීට අමතර වශයෙන් ඉමාම් මුස්ලිම් තුමා “විනාශ වී යන්නෙකු මිස අල්ලාහ් එරෙහිව විනාශකාරී කටයුත්තක් සිදු කරන්නේ නැත.”
قال تعالى: {مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ *}. [الأنعام:160]
[خ6491/ م131]