32 ـ باب: احفظ الله يحفظك

Hadith No.: 85

85 - عَن ابْنِ عَبَّاسٍ قَالَ: كُنْتُ خَلْفَ رَسُولِ اللهِ صلّى الله عليه وسلّم يَوْماً فَقَالَ: (يَا غُلاَمُ، إِنِّي أُعَلِّمُكَ كَلِمَاتٍ، احْفَظِ اللهَ يَحْفَظْكَ، احْفَظِ اللهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَألْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللهِ، وَاعْلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إِلاَّ بِشَيْءٍ قَدْ كَتَبَهُ اللهُ لَكَ، وَلَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إِلاَّ بِشَيْءٍ قَدْ كَتَبَهُ اللهُ عَلَيْكَ، رُفِعَتِ الْأَقْلاَمُ وَجَفَّتِ الصُّحُفُ) .

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. දිනක් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් වාඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමා මා අමතා: “දරුව, සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරනු. ඔහු ඔබ ව ආරක්ෂා කරනු ඇත. ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරනු. ඔබ ඉදිරියේම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලාහ්ගෙන්ම ඉල්ලනු. ඔබ උදව් පතන විට අල්ලාහ්ගෙන්ම උදව් පතනු. දැනගනු: සැබැවින්ම මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හානියක් කිරීම ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතට ගනු ලැබීය. පිටපත් සිඳී ගොස් ඇත.” තවත් වාර්තාවක සඳහන් පරිදි: “අල්ලාහ්ගේ කටයුතු ආරක්ෂා කරන්න. ඔබ ඉදිරියේම ඔබ ඔහුව දකිනු ඇත. සමෘද්ධිමත් අවදියේ අල්ලාහ් වෙත ඔබ ව හඳුන්වා දෙන්න. දුෂ්කර අවදියේ ඔහු ඔබ ව හඳුනා ගනු ඇත. සැබැවින්ම ඔබට වැරදුණු දෙයක් ඇත්නම් එය ඔබට හිමිවිය යුත්තක් නොවේ. ඔබට හිමි වූ දෙයක් ඇත් නම් ඔබට එය වැරදී යන්නක් නොවේ. යන බව දැන ගන්න. සැබැවින්ම උපකාරය ඉවසීම සමග ඇත. සැබැවින්ම සහනය පීඩාව සමග ඇත. දුෂ්කරත්වය සමග පහසුකම ඇත.”

قال تعالى: {وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ}. [الحديد:4]

[ت2516]

85 - زاد في رواية لأحمد: (تَعَرَّفْ إِلَيْهِ فِي الرَّخَاءِ يَعْرِفْكَ فِي الشِّدَّةِ... وَاعْلَمْ أَنَّ فِي الصَّبْرِ عَلَى مَا تَكْرَهُ خَيْراً كَثِيراً، وَأَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ، وَأَنَّ الفَرَجَ مَعَ الكَرْبِ، وَأَنَّ مَعَ العُسْرِ يُسْراً) .

قال تعالى: {وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ}. [الحديد:4]

[حم2801]

* صحيح.