الكِتَابُ الحَادي عَشَر: الصوم

قال تعالى: {يَاأَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ *}. [البقرة:183] [انظر في فرض الصيام: 1، 2، 49، 587 ـ 589]

1801 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (قَالَ اللهُ: كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ، فَإِنَّهُ لِي وَأَنَا أَجْزِي بِهِ، وَالصِّيامُ جُنَّةٌ [1] ، وَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلاَ يَرْفُثْ [2] وَلاَ يَصْخَبْ [3] ، فَإِنْ سَابَّهُ أَحَدٌ أَوْ قَاتَلَهُ فَلْيَقُلْ: إِنِّي امْرُؤٌ صَائِمٌ. وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَخُلُوفُ [4] فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ. لِلصَّائِمِ فَرْحَتَانِ يَفْرَحُهُمَا: إِذَا أَفْطَرَ فَرِحَ، وَإِذَا لَقِيَ رَبَّهُ فَرِحَ بِصَوْمِهِ) .

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ආදම්ගේ පුත්රයාගේ සෑම ක්රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන්ය. ඒ සඳහා ප්රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ හෝ උපවාස දිනය වී නම්, ඔහු නොමනා වදන් කතා නොකළ යුතුය. මහා හඬින් කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග අරගල කරන්නේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුඟද අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි. මෙය බුහාරිහි සඳහන් පද පෙළයි. ඔහු සතු තවත් වාර්තාවක: ‘ඔහු මා වෙනුවෙන් ඔහුගේ ආහාරය ඔහුගේ පානය හා ඔහුගේ ආශාවන් අතහැර දමයි. උපවාසය මා වෙනුවෙනි. ඒ සඳහා මම ම ප්රතිඵල පිරිනමමි. යහපත ඒ හා සමාන දස ගුණයෙකින් පවතී.” මුස්ලිම් සතු වාර්තාවක: “ආදම්ගේ පුත්රයාගේ සියලු ක්රියාවන් ඒවා හා සමාන දස ගුණයේ සිට හත්සිය ගුණය දක්වා ගුණ කරනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. නමුත් උපවාසය හැර සැබැවින්ම එය මා වෙනුවෙන් වන්නකි. ඒ වෙනුවෙන් මා විසින්ම ප්රතිඵල පිරිනමමි. ඔහු මා වෙනුවෙන් ඔහුගේ අශාවන් හා ඔහුගේ ආහාරය අතහරියි. උපවාස ශීලය රකින්නාට සතුට දනවන අවස්ථා දෙකක් ඇත. එය ඔහු උපවාසයෙන් මිදෙන අවස්ථාවේ ඇති වන සතුට හා තම පරමාධිපති මුණ ගැසෙන අවස්ථාවේ ඇතිවන සතුටයි. ඔහුගේ මුවෙහි දුර්ගන්ධය අල්ලාහ් අබියස කස්තූරි සුවඳට වා සුවඳැතිය.”

[خ1904 (1894)/ م1151]

1803 - (ق) عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (مَنْ صَامَ رَمَضَانَ، إِيمَاناً وَاحْتِسَاباً، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ) .

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”

1807 - (ق) عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: كَانَ النَّبِيُّ صلّى الله عليه وسلّم أَجْوَدَ النَّاسِ بِالْخَيْرِ، وَكَانَ أَجْوَدَ مَا يَكُونُ في رَمَضَانَ حِينَ يَلْقَاهُ جِبْرِيلُ، وَكَانَ جِبْرِيلُ عليه السلام يَلْقَاهُ كُلَّ لَيْلَةٍ فِي رَمَضَانَ حَتَّى ينْسَلِخَ، يَعْرِضُ عَلَيْهِ النَّبِيُّ صلّى الله عليه وسلّم الْقُرْآنَ، فَإِذَا لَقِيَهُ جِبْرِيلُ عليه السلام كَانَ أَجْوَدَ بِالْخَيْرِ مِنَ الرِّيحِ المُرْسَلَةِ.

අබ්දුල්ලහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් පරිත්යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්යාගශීලී අයකු වූහ.”

1808 - عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (احْضُروا المِنْبَرَ) ، فَحَضَرْنَا، فَلَمَّا ارْتَقَى دَرَجَةً قَالَ: (آمِينْ) ، فَلَمَّا ارْتَقَى الدَّرَجَةَ الثَّانِيَةَ قَالَ: (آمِينْ) ، فَلَمَّا ارْتَقَى الدَّرَجَةَ الثَّالِثَةَ قَالَ: (آمِينْ) .
فَلَمَّا نَزَلَ قُلْنَا: يَا رَسُولَ اللهِ، لَقَدْ سَمِعْنَا مِنْكَ اليَوْمَ شَيْئاً مَا كُنَّا نَسْمَعُهُ! قَالَ: (إِنَّ جِبْرِيلَ صلّى الله عليه وسلّم عَرَضَ لِيْ فَقَالَ: بُعْداً لِمَنْ أَدْرَكَ رَمَضَانَ فَلَمْ يُغْفَرْ لَهُ، قُلْتُ: آمِيْن، فَلَمَّا رَقِيْتُ الثَّانِيَةَ قَالَ: بُعْداً لِمَنْ ذُكِرْتَ عِنْدَهُ فَلَمْ يُصَلِّ عَلَيْكَ، قُلْتُ: آمِيْن، فَلَمَّا رَقِيْتُ الثَّالِثَةَ قَالَ: بُعْداً لِمَنْ أَدْرَكَ أَبَوَاهُ الكِبَرُ عِنْدَهُ أَوْ أَحَدُهُمَا فَلَمْ يُدْخِلاَهُ الجَنَّةَ، قُلْتُ: آمِينْ).

[ك7256]

* قال الذهبي: صحيح.

1809 - (ق) عَنِ ابْنِ عُمَرَ رضي الله عنهما قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صلّى الله عليه وسلّم يَقُولُ: (إِذَا رَأَيْتُمُوهُ فَصُومُوا، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا، فَإِنْ غُمَّ عَلَيْكُمْ [1] فَاقْدُرُوا لَهُ [2] ) .

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”

1813 - (م) عَنْ كُرَيْبٍ: أَنَّ أُمَّ الْفَضْلِ بِنْتَ الْحَارِثِ بَعَثَتْهُ إِلَى مُعَاوِيَةَ بِالشَّامِ، قَالَ: فَقَدِمْتُ الشَّامَ فَقَضَيْتُ حَاجَتَهَا، وَاسْتُهِلَّ عَلَيَّ رَمَضَانُ وَأَنَا بِالشَّامِ، فَرَأَيْتُ الْهِلالَ لَيْلَةَ الْجُمُعَةِ، ثُمَّ قَدِمْتُ الْمَدِينَةَ فِي آخِرِ الشَّهْرِ، فَسَأَلَنِي عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ رضي الله عنهما، ثُمَّ ذَكَرَ الْهِلاَلَ، فَقَالَ: مَتَى رَأَيْتُمُ الْهِلاَلَ؟ فَقُلْتُ: رَأَيْنَاهُ لَيْلَةَ الْجُمُعَةِ، فَقَالَ: أَنْتَ رَأَيْتَهُ؟ فَقُلْتُ: نَعَمْ، وَرَآهُ النَّاسُ، وَصَامُوا وَصَامَ مُعَاوِيَةُ. فَقَالَ: لَكِنَّا رَأَيْنَاهُ لَيْلَةَ السَّبْتِ، فَلاَ نَزَالُ نَصُومُ حَتَّى نُكْمِلَ ثَلاَثِينَ، أَو نَرَاهُ. فَقُلْتُ: أَوَ لاَ تَكْتَفِي بِرُؤْيَةِ مُعَاوِيَةَ وَصِيَامِهِ؟ فَقَالَ: لاَ، هَكَذَا أَمَرَنَا رَسُولُ اللهِ صلّى الله عليه وسلّم.