5 ـ باب: من مات على التوحيد دخل الجنة

Hadith No.: 14

14 - (ق) عَنْ أَبِي ذَرٍّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلّى الله عليه وسلّم: (أَتَانِي آتٍ مِنْ رَبِّي، فَأَخْبَرَنِي ـ أَوْ قَالَ: بَشَّرَنِي ـ أَنَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِي لاَ يُشْرِكُ بِاللهِ شَيْئاً، دَخَلَ الجَنَّةَ) . قُلْتُ: وَإِنْ زَنَى وَإِنْ سَرَقَ؟ قَالَ: (وَإِنْ زَنَى وَإِنْ سَرَقَ) .

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග නිදහසේ මදීනාවේ ගමන් කරමින් සිටියෙමි. එවිට උහුද් කන්ද අප ඉදිරියේ දිස් විය. එවිට එතුමා “අහෝ අබූ දර්” යැයි ඇමතූහ. මම ‘අල්ලාහ්ගේ දූතයාණනි මම ඔබ සමීපයෙන් සිටිමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: “මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී, එය මා සමග දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්රමාණයක් මිස දීනාරයක් හෝ මා සතුව තිබීම මා සතුටු කරවන්නක් නොවන්නේය. එසේ තිබුණත් ඒ ගැන අල්ලාහ්ගේ ගැත්තත් වන මේ මේ මේ අයට යැයි පැවසීම හැර...” එය ඔහුගේ දකුණු පැත්තට වම් පැත්තට හා පසුපසට හැරිමිනි. පසුව නැවතත් ගමන් කළහ. පසුව එතුමා “සැබැවින්ම අධිකව තිබෙන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දෙනෙකු වෙති. නමුත් එම සම්පත් මේ මේ මේ දෑට යයි පවසා සිටියවුන් හැර. ‘ඔවුන් ස්වල්ප දෙනෙකි.’ පසුව එතුමා මට: “ඔබේ ස්ථානයේම සිටින්න. ඔබ වෙත මම නැවත පැමිණෙන තුරු හැරී නොයන්න.’ යැයි පැවසූහ. පසුව එතුමා නොපෙනෙන තෙක් රාත්රී අන්ධකාරයේ ගමන් කළේය. පසුව මම හඬකට සවන් දුනිමි. එය ඉහළින් විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හරහට කිසිවෙකු හෝ වෙත්දැ?යි මම බිය වූයෙමි. ‘මම ඔබ වෙත පැමිණෙන තුරු හැර නොයන්න.’ එතුමා කියූ වචනය මට මතක් විය. එහෙයින් එතුමා මා වෙත පැමිණෙන තෙක් මා හැර නොගියෙමි. පසුව මම: සැබිවන්ම මම හඬකට සවන් දුනිමි. ඒ ගැන මම බිය වූයෙමි. මම එතුමාට ඒ ගැන ප්රකාශ කළෙමි. එවිට එතුමා: “ඔබ එයට සවන් දුන්නෙහිද?” මම ‘ඔව්’ යැයි පැවසුවෙමි. එතුමා: “එය ජිබ්රීල්ය. ඔහු මා වෙත පැමිණියේය. පසුව හෙතෙම ඔබේ සමූහයා අතරින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මිය යන්නන් ස්වර්ගයට පිවිසීය” යැයි පැවසීය. මම ‘ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද යැයි විමසුවෙමි. එතුමා ඔහු දුරාචාරයේ යෙදුණ ද සොරකම් කළ ද යැයි පැවසූහ.

قال تعالى: {يَاأَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنْتُمْ مُسْلِمُونَ *}. [آل عمران:102]

[خ1237/ م94]